සවසට පිපී,උදයට වැටී පරවී යන සේපාලිකා මලේ ගුණ වරුණ 😮 (Sepalika - Nyctanthes Arbortristi)

සවසට පිපී,උදයට වැටී පරවී යන සේපාලිකා මලේ ගුණ වරුණ 😮 (Sepalika - Nyctanthes Arbortristi) - Your Choice Way
✅ සේපාලිකා ශාකය, වැඩි දෙනෙකු දන්නේ සුවඳවත් මල් ගසක් හැටියට ය. එහෙත්, දේශීය ආයුර්වේද වෙදකමේ දී මෙය බෙහෙවින් අගනා ඖෂධීය රුකෙකි. හිස්හොරි හා හිසේ කොරපොතු නැති කළ හැකි, හිසැ කෙස් වඩන, කෙස් ගැළවීම වළකන, උකුණන් වඳ කරන, පණු ගාය, චර්ම රෝග, උණ හා වාත අමාරු සුව කරන ඖෂධීය ශාකයක් ලෙස දේශිය වෛද්‍යවරු අගය කරති.

✅ ශ්‍රී ලංකාවේ සෑම පළාතක ම වාගේ සරුවට වැවෙන ශාකයෙකි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය, “Nyctanthes arbortristis” වන අතර කුලය oleaceae වෙයි.

✅ අඩි 10 ක් 12 ක් පමණ උස්වන අතු, ඉති,  රිකිලි ලා පඳුරක් ලෙස, ගෙමිදුල්හි අයිනෙක වවා තිබෙන සේපාලිකා  ගස්වල මල් පිපෙන්නේ රාත්‍රී කාලයේ ය. එම මල් බොහොමයක් උදේ ගහයට වැටී තිබෙනු දැකිය හැකි ය. ඒ මල් සුදු පාට ය. මලේ නටුව ලස්සන රත් පැහැයක් ගනී. එම නටුව ඇඟිලි තුඩුවලින් පොඩිකළ විට කහපාට වෙයි. පරිසරය සුවඳවත් කරන මේ මල ප්‍රමාණයෙන් ගැට පිච්ච මලක් පමණ වෙයි.

✅ සිංහලෙන් සේපාලිකා (ශේඵාලිකා) නමින් ද, දමිළ බසින්, පටලමල්ලි සහ මංජුපු යන නම්වලින් ද, ඉංග්‍රීසියෙන් Night Jasmin නමින්ද හඳුන්වන අතර, පර්යාය නාම ලෙස, රාජනිහාසා, නිෂිපුෂ්පිකා, සීතමංජරී, තාඹ්‍රවෘත්තිකා, ශුක්ලාංගී, රක්තවෘත්තා, රාග පුෂ්පී, මන්දාර, සුවා හා වාතාරී ආදී සකු නාමයන්ගෙන් හැඳින්වෙයි.

✅සුශ්‍රැත සංහිතා, අෂ්ටාංග හෘදය හා වෙනත් නිඝණ්ඩුවල ද ශේඵාලිකා පිළිබඳ විස්තර සඳහන් වෙයි. මෙම මලෙහි සුවඳ සමන් පිච්ච මලක සුවඳට සමාන ය. අඟල් 4x6 ක් පමණ කොළවල, මද ගොරෝසු ගතියක් ඇත. මුලින් වක්‍රාකාර වන කොළේ අග උල් ය. මෙහි පළ ව ඇති ඡායාරූපයෙන් එහි ලක්ෂණ බලා ගත හැකි ය. මේ කොළවල Nyctanthene නම් ක්ෂාර පදාර්ථයක් අඩංගු ය.

⭕ සේපාලිකා ඖෂධීය ගුණ ‍
🔅ළඝු ය. රූක්ෂ ය. රසයෙන් තික්ත ය. විපාකයෙන් කටුක ය. වීර්යයෙන් උෂ්ණ ය. වාතය හා සෙම නසන ගුණයෙන් යුක්ත ය. පිත ශෝධනය කර යි. කෘමීන් නස යි. විශේෂයෙන් උකුණන් හා ඒ වැනි සතුන් වඳ කරයි. කෙස්වලට හිත යි. පිත වැඩි කරන ගුණය නිසා කුසගින්න වඩයි.

🔅අනුලෝමන ගුණය ඇත. මේ නිසා කොළ, යුෂ, බඩගින්න ඇති කරයි. අග්ලිය දක්ව යි. රක්ත ශෝධක ය. මේ නිසා රක්ත රෝගවල දී ප්‍රයෝග කර යි.

⭕ ප්‍රයෝජනයට ගැනීම
🔅සේපාලිකා කොළ යුෂ මී පැණි සහ ලුණු සමග බීමෙන් වට පණුවන් හා කිරිපණුවන් පතිත වෙයි. එම යුෂ ළදරුවන්ට ද දිය හැකි ප්‍රවේසම් සහිත විරේචනයකි.

🔅සේපාලිකා කොළ යුෂ අවුන්සයක් පමණ මී පැණි සමග බීමෙන්

⭕ කාස (කැස්ස) - ශ්වාස රෝගවලදී සේපාලිකා මුලේ පොතු චූර්ණය රක්තිකා (මංචාඩි) 2 ක් බුලත් කොළ යුෂ දමා බීමෙන් ඝන වූ සෙම බුරුල් වී පිටවීමෙන් සහනයක් ලැබෙ යි.

⭕ චර්ම (හමේ) රෝගවලදී මෙකී පොතු චූර්ණය දෙහි ඇඹුලෙන් අනා බාහිර ව ආලේප කිරීමෙන් ගුණ ලැබේ.

⭕ සර්ප විසේදී ද මෙකී චූර්ණය අරත්ත අල යුෂින් බීමට දීම‍ හොඳයි.

⭕ සේපාලිකා බීජ ජලයෙන් අඹරා හිසේ ගෑමෙන්, හිස් හොරි ද, හිසේ කොරපොතුද නැති වේ. අකලට කෙස් වැටීමද මෙයි නවතී. අලුතින් හිසකෙස් වැඩීම ද වෙයි.

⭕ සේපාලිකා කොළ හා පොතු යුෂ අඹරා හිසේ ගා නෑමෙන් උකුණන්ද වඳ වෙයි.

⭕ ඊට අමතරව,

🔅ග්‍රැධ්‍රසි වාත රෝගයට

🔅වටපණු රෝගයට

🔅සියළු උණ රෝග සඳහා 

🔅නාසයෙන් ලේ යාමට

🔅වාතජ සන්ධි ඉදිමුම යන රෝග තත්ව සදහාද යොදා ගනී.

✅ මේ අන්දමට රෝගාබාධ ගණනාවකට ගුණ දෙන සේපාලිකා උපයෝගී කොට සංස්කරණය කරන ඖෂධ යෝග කීපයක් වෙයි.
01.සමංශාදී තෛලය  
02.ලජ්ජාල රසායනය 
03.උශිරාදී ක්වාථය
04.පාඨා සමංශාදී ක්වාථය  
05.චන්දානාදී චූර්ණය  
06.පියුෂවල්ලි රසය 
04.මෘත සංජීවනී සුරාව ඒවායින් කීපයකි.

✅ මෙම මල් බුදුන් පිදීමටද ගනු ලබයි.ඇතැම් අය මල් වේලා පොඩි කොට්ට හදා පුජා කරති.නිවසේ අලංකාරයටද මෙම සේපාලිකා ශාකය සිටුවා ගත හැක.

විශ්මිත හෙළ ඔසු
සවසට පිපී,උදයට වැටී පරවී යන සේපාලිකා මලේ ගුණ වරුණ 😮 (Sepalika - Nyctanthes Arbortristi) - Your Choice Way

සවසට පිපී,උදයට වැටී පරවී යන සේපාලිකා මලේ ගුණ වරුණ 😮 (Sepalika - Nyctanthes Arbortristi) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment