Sathapena Kala Winda Nidi Song Lyrics - සැතපෙන කළ විඳ නිදි සුවේ ගීතයේ පද පෙළ

Sathapena Kala Winda Nidi Song Lyrics - සැතපෙන කළ විඳ නිදි සුවේ ගීතයේ පද පෙළ
Song Title : Sathapena Kala Winda Nidi (සැතපෙන කළ විඳ නිදි සුවේ)
ගායනය : සුජාතා අත්තනායක
සංගිතය : එම්.කේ. රොක්සාමි
ගී පද : කරුණාරත්න අබේසේකර
අල්ලපු ගෙදර චිත්‍රපටියෙන්


සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ //
සියොළඟ යහනතෙ ඉම තියා
මගෙ හිත ටික ටික දුර ගියා //
සැතපෙන කළ විඳ නිදි සුවේ

ඇසිපිය හෙල හෙල අත වනා //
මදහස මතුකොට හිනැහුණා //
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත එය රන් තරුවෙකි

සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ

උකුලත සුව පිට හිත තියා //
නැලවුණි මධු රස ගී කියා //
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත ඒ රන් ගිරවෙකි

සිඹ සිඹ මගෙ වත සැනසුනා
සුර ලොව සුර සුව වැටහුණා
තරුණෙකි කුමරෙකි නිරිඳෙකි
නැත නැත ඒ පිපි කුසුමෙකි

සැතපෙන කළ විඳ නිදි සුවේ
දුටු සුභ සිහිනය යළි මැවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment