Ron Suwanda Gena Song Lyrics - රොන් සුවඳ ගෙන ගීතයේ පද පෙළ

Ron Suwanda Gena Song Lyrics - රොන් සුවඳ ගෙන ගීතයේ පද පෙළ

Ron Suwanda Gena Song Lyrics - රොන් සුවඳ ගෙන ගීතයේ පද පෙළ
Song Title : Ron Suwanda Gena (රොන් සුවඳ ගෙන)
ගායනය : උරේෂා රවිහාරි, ශිහාන් මිහිරංග
තනුව : මහේෂ් දෙනිපිටිය
ගී පද : නිලාර් එන්. කාසි
'සුවඳ දැනුනා ජීවිතේ' චිත්‍රපටියෙන්


රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් නෙත මත් බිඟුම් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරන්නම් සොදුරුද මිහිරී

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ

මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
ආල හැඟුම් පිබිදෙයි උස් පැතුමකට //
හිරිමල් සිතිවිලි කලතා
රත්තරනේ ඔබ සිත තුල රහසේ

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ

මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද //
නිකැලැලි පතුමක සැඟවී
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් නෙත මත් බිඟුම් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරන්නම් සොදුරුද මිහිරී

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment