Punchi Dawas Wala Nindata Yaddi Song Lyrics - පුංචි දවස්වල නින්දට යද්දී ගීතයේ පද පෙළ

Punchi Dawas Wala Nindata Yaddi Song Lyrics - පුංචි දවස්වල නින්දට යද්දී ගීතයේ පද පෙළ
Song Title : Punchi Dawas Wala Nindata Yaddi (පුංචි දවස්වල නින්දට යද්දී)
ගායනය : සුජාතා අත්තනායක
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක


පුංචි දවස් වල නින්දට යද්දී
පීතු පාදන් නමාමහන් කියලා..
වැන්ද දෙපා යලි අදත් වදින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියානෙනි..

මල් බෝනික්කන් පූසි පැටව් ටික
පාට ගවුම් පොඩි අද තනිවෙනවා..//
පියානෙනි ඔබෙ ආසිරි විද විද
ඉරණම් ගමනක් යන්නට යනවා..

පියානෙනි ඔබෙ පුංචි කුමාරිය
පුංචි මනාලිය වී යන දවසේ..
එපා අඬන්නට එපා අඬන්නට
පුංචි මුණුබුරෙක් කැන්දන් එන්නම්
මා හෙට දවසේ...

පුංචි දවස් වල නින්දට යද්දී
පීතු පාදන් නමාමහන් කියලා..
වැන්ද දෙපා යලි අදත් වදින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියානෙනි..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment