Pin Manda Ranga Bhumiye Song Lyrics - පින් මන්ද රංග භූමියේ ගීතයේ පද පෙළ

Pin Manda Ranga Bhumiye Song Lyrics - පින් මන්ද රංග භූමියේ ගීතයේ පද පෙළ
Song Title : Pin Manda Ranga Bhumiye (පින් මන්ද රංග භූමියේ)
ගායනය : සේනානායක වේරලියද්ද 
සංගීතය : සේනානායක වේරලියද්ද
පද රචනය : වසන්ත දුක්ගන්නාරාල


පින් මන්ද රංග භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

වැදි රජ සමගින් අවසැඟ
මනමේ කුමරිට රැවටුණ //
මනමෙ කුමරා මමයි නංගියේ
ධනුදර වුණාට ඉහත සංදියේ
ධනුදර වුණාට ඉහත සංදියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

පින් මන්ද රංග භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඬරු සදිසි උණු වෙන සිත් මිස //
තිරය මෑත් කරන වංගියේ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

පින් මන්ද රංග භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment