Pansala Kala Dewanath Song Lyrics - පන්සල කලා දෙවනත් ගීතයේ පද පෙළ

Pansala Kala Dewanath  Song Lyrics - පන්සල කලා දෙවනත් ගීතයේ පද පෙළ
Song Title : Pansala Kala Dewanath (පන්සල කලා දෙවනත්)
Singing : Master D


තඩි අන්දමකාරේ එන පලඟැටි පිරිසට
යන්තමින් හරි දැනුනු
මම දන්නෙම නැති වගේ ඉන්නවා
තව ටිකක් වෙන්නට ඉඳිමිලා උන්
හැම පන්සලක් ළඟ මගේ හිත
දන නැමුවට සුන්වෙලා සැනසු කුසුම්
නුඹේ රන් කිරි ගාපු අතින් යන්තමින්
තැලුවට වම් අත වෙලා අද උල්

එක පාන්තිරයක් නිමුනොත්
හිත තුල එය කුහුලක්
මුලු පන්සල කලා දෙවනත්
සිලි සිලි ගෑ බෝ මුල් සෙවනේ
ඉඳන් පන්සල කලා දෙවනත්

කසාවත කන්ඩ දෙයි අසරණ බණකින්
මුලාවකින් සැරසුනු රට පිලිවෙලකින්
හිතේ තිබූ අදහසක් බොඳකලා රැයකින්
මගේ හිත බොරු කලා පැයකින්
තව ටික දෙනෙක් බොරු කිව්වා බයකින්
අත පසුවුනා හුඟ දෙනෙක් තරහින්
සිතුවිලි බෝමා ගලා ගියේ දෝරා
මගේ හිත හදාගන්න ඕනා

අර සන්තකව තියනු ලා තුර
යාන් වෙනකන් කාසියක් හැරගියා මන්
තව සන්තකව තියන්න සාත්තරේ
තව එකෙක්ට ලාබෙට හරි දුන්නා මා
ඉතින් නුඹේ හිත මාව පසෙක තිබූ
මතින් මාව හොයාගන්න දුරක ගියූ
හිත අරමුනින් තනියම දුවන්නේ කොහෙද
තෙත බිය පාවෙන තෙරක තෙමාගෙන
උගේ මල් උයන සුරා සුර වඩිනා
තව කාරනා කිමට සොයා යන්න උදයම
සත්‍ය ජනජය පතනා
එක එක පාර මතක් වෙන දේවල්
හැම ගැතියෙක්ම කලා මට කේවල්
මම කියාගෙන යන්න ඕනි දේවල්
මම කියාගෙන යන්න ඕන දේවල්

විසිතුරු ලෝකයක් අබියස මානය
මියදෙන කර දඬු දැවී අලුවීලා
තෙරක් නෑ ගැලූ සුසුම් වැල් ආ දුර
දුවන් යන්න පාරම දන්න කෙනෙක් ඕන
කලින් කපා දැමූ අතු බර වීලා
උන්ට හිතාගන්න බෑ දැන් කියන්නේ ගී ද
කාටත් පෙනෙන්නට නෙවේ මං
දාහය මකා ගන්න ඉන්නේ
මේ දැන් හුළඟට වීලා

තඩි අන්දමකාරේ එන පලඟැටි පිරිසට
යන්තමින් හරි දැනුනු
මම දන්නෙම නැති වගේ ඉන්නවා
තව ටිකක් වෙන්නට ඉඳිමිලා උන්
හැම පන්සලක් ළඟ මගේ හිත
දන නැමුවට සුන්වෙලා සැනසු කුසුම්
නුඹේ රන් කිරි ගාපු අතින් යන්තමින්
තැලුවට වම් අත වෙලා අද උල්

එක පාන්තිරයක් නිමුනොත්
හිත තුල එය කුහුලක්
මුලු පන්සල කලා දෙවනත්
සිලි සිලි ගෑ බෝ මුල් සෙවනේ
ඉඳන් පන්සල කලා දෙවනත්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment