Oya Mage Surangana Kathawe Song Lyrics - ඔයා මගේ සුරංගනා කතාවේ ගීතයේ පද පෙළ

Oya Mage Surangana Kathawe Song Lyrics - ඔයා මගේ සුරංගනා කතාවේ ගීතයේ පද පෙළ
Song Title : Oya Mage Surangana Kathawe (ඔයා මගේ සුරංගනා කතාවේ)
ගායනය : වර්නන් පෙරේරා
තනුව : රංජිත් බොලොන්නේ
පද : වර්නන් පෙරේරා


ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවි
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී //

කෙතේ ගොයම් ලතාවටයි
සැලී ලෙලෙන්නේ
එසේ ඔයා ගමන් කරන්නේ
විදුලි කොටන ලෙස
නෙත් සර හෙලන්නේ
මගෙ හද සලිතව යන්නේ

ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවි
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී

අහස් ගැබේ වලා පොදක්
සෙමින් ඇදෙන්නේ
එසේ ඔබේ වරළ ලෙලෙන්නේ
මගේ පැළට සහන් එළිය ගෙනෙන්නේ
සිරි දුව ලෙස ගැවසෙන්නේ

ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවි
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment