ඔට්ස් හදමු 🍵🍵🍵(Oats Bowl)

ඔට්ස් හදමු 🍵🍵🍵(Oats Bowl) - Your Choice Way
ඉතාමත් ගුණදායක කෑමක් වන Oats උදෑසන ආහාරයට ගැළපෙන විදිහට හරිම රසට හදමු. එහෙනම් පටන් ගමු. හදන්න අමාරු නැ.පොඩි වේලාවකින් හරිම ඉක්මනට හදාගන්න පුළුවන්.

✅ අවශ්‍ය ද්‍රව්‍ය:

  • 🍵 Oat 3 tbsp (මේස හැදි)
  • 🍵 නැවුම් කිරි ½ Cup
  • 🍵 වතුර
  • 🍵 කජු
  • 🍵 මුද්දරප්පලම් / රට ඉදි
  • 🍵 කෙසෙල් ගෙඩියක්
  • 🍵 බටර්
  • 🍵 ලුණු ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින් Oats ටික භාජනයකට දමා Oats වැහෙන තරමට වතුර හා ලුණු එකතු කර කලවම් කරමින් උයාගන්න. 
  2. ඉන්පසු උයාගත් Oats එකට නැවුම් කිරි, බටර් එකතු කර හොදින් කලවම් කර නටාගෙන එන විට කපාගත් රට ඉදි හෝ මුද්දරප්පලම්, කජු, පොඩියට කපාගත් කෙසෙල් එකතු කර හොදින් කලවම් කර ලිපෙන් බා ගන්න. අවශ්‍ය නම් උඩින් පැණි ටිකක් එකතු කරගන්න වුණත් පුළුවන්. 
  3. මේ දේවල් ම දාන්න අවශ්‍ය නැ. නැවුම් කිරි වෙනුවට යෝගට් වුනත් එකතු කරන්න පුළුවන්. තව ඔයාලා ලග තියෙන දේවල් එකතු කරලා ගැලපෙන විදිහට හදාගන්න පුළුවන්.

මේ Oats Bowl හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
ඔට්ස් හදමු 🍵🍵🍵(Oats Bowl) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment