Me Pipasitha Lo Thale Song Lyrics - මේ පිපාසිත ලෝ තළේ ගීතයේ පද පෙළ

Me Pipasitha Lo Thale Song Lyrics - මේ පිපාසිත ලෝ තළේ ගීතයේ පද පෙළ
Song Title : Me Pipasitha Lo Thale (මේ පිපාසිත ලෝ තළේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය : ආර්. මුත්තුසාමි
ගී පද : කරුණාරත්න අබේසේකර


මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ... //

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ...
මේ පිපාසිත ලෝ තළේ

බැලුවාම පේන වැලි තලාවකි
පතුලේහි දිය ගලා ගියේ//
හද තාප ගින්න සීතළේ
හැමුවාම සුළඟ මුව මල් ගොමුවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ...
මේ පිපාසිත ලෝ තළේ

සාදා රකින්නෙ බිඳහෙලන්නෙ ඒ
දෙවියන් කියා අසා තියේ//
මගෙ දෑස දැක්ක මේ ලොවේ
දෙවියෝය ළලන සුව දෙන දිවියේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ...
මේ පිපාසිත ලෝ තළේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment