Ma Lagatama Thawa Lanwela Song Lyrics - මා ලඟටම තව ලංවෙලා ගීතයේ පද පෙළ

Ma Lagatama Thawa Lanwela Song Lyrics - මා ලඟටම තව ලංවෙලා ගීතයේ පද පෙළ
Song Title : Ma Lagatama Thawa Lanwela (මා ලඟටම තව ලංවෙලා)
ගායනය : ඩබ්ලිව් ඩී ආරියසිංහ
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : තිස්සසිරි පෙරේරා


මා ලඟටම තව ලංවෙලා
ඉදින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍රියේ..
පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා...

සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ..
මහලු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳ බලාන උන්නාවේ..

මා ලඟටම තව ලංවෙලා
ඉදින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍රියේ..
පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා...

කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා..
නල මුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනවුල් සුවඳ දැනේ ළදුනේ...

මා ලඟටම තව ලංවෙලා
ඉදින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍රියේ..
පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment