Kanda Kenda Karanu Pinisa Song Lyrics - කන්ද කෙන්ද කරනු පිණිස ගීතයේ පද පෙළ

Kanda Kenda Karanu Pinisa Song Lyrics - කන්ද කෙන්ද කරනු පිණිස ගීතයේ පද පෙළ
Song Title : Kanda Kenda Karanu Pinisa (කන්ද කෙන්ද කරනු පිණිස)
ගායනය : මාලනී බුලත්සිංහල
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : එච්.එම්. ජයවර්ධන


කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා
බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා
බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා
ඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අහලා

කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා...

කුණාටු සුළි සුළං වැදී ගහකොල පෙරලාවි
මුල හොඳනම් ගසක් ළඟදි කුණාටු පරදීවී
ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී

කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා
අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment