Hinawenna Bari Tharamata Song Lyrics - හිනාවෙන්න බැරි තරමට ගීතයේ පද පෙළ

Hinawenna Bari Tharamata Song Lyrics - හිනාවෙන්න බැරි තරමට ගීතයේ පද පෙළ
Song Title : Hinawenna Bari Tharamata (හිනාවෙන්න බැරි තරමට)
Singing : Dammika Ekanayake ft. Uresha Ravihari


හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
නුඹේ නමින්
මගේ හිතේ
තැනු මාලිගා
තැනු මාලිගා…

කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින්
මගේ හදේ
මැවෙන ගීතිකා
මැවෙන ගීතිකා…

දෙතොල නම් ගොළුයි
මුව කමල මල් සමයි
හිතට නෙතට
සුවඳ ගෙන ගියා
නුඹ රහසින් ඇවිත්
මගේ ලොවම හීනයක් කළා…

අහස නම් දුරයි
සඳ නේන වග සැබැයි
සඳට රැයට තරු වලට හොරා
නුඹ නොකියා ගිහින්
මගේ පාලු දෙනෙත බොඳ කළා…

හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින්
මගේ හිතේ
තැනු මාලිගා
මැවෙන ගීතිකා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment