Ek Pethi Malak Song Lyrics - එක් පෙති මලක් ගීතයේ පද පෙළ

Ek Pethi Malak Song Lyrics - එක් පෙති මලක් ගීතයේ පද පෙළ
Song Title : Ek Pethi Malak (එක් පෙති මලක්)
ගායනය : රොහාන් ශාන්ත බුලේගොඩ
සංගීතය : ජගත් ජයවර්ධන
ගී පද : බන්දුල නානායක්කාරවසම්


එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට

විශ්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දම නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසට

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට

සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්

තව කුමකටද දුක් ගී කල්පනාවන්///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment