අල බෝල හදමු (Ala Bola Hadamu - Allo Bonda)

අල බෝල හදමු (Ala Bola Hadamu - Allo Bonda) - Your Choice Way
අද මම ඔයාලට අරගෙන ආවේ කටට සැරට කන්න පුලුවන් Indian Snak එකක්. මේක හරිම රසට ඉක්මනින් හදාගන්න පුලුවන් ගුණදායි ආහාරයක්. එහෙනම් අපි බලමු මේ Allo Bonda හදන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🧆 තෙල් 
  • 🧆 සුදූරු
  • 🧆 රට ලුණූ ලොකු ගෙඩියක්(සිහින්ව කපාගත්)
  • 🧆 කරපිංචා (සිහින්ව කපාගත්)
  • 🧆 පොඩි ගොරකා කෑල්ලක්
  • 🧆 මිරිස් කුඩු අවශ්‍ය තරමට
  • 🧆 ගම්මිරිස් කුඩු අවශ්‍ය තරමට
  • 🧆 ලොකු අල 2ක් (තම්බා පොඩි කරගත්)
  • 🧆 කඩල පිටි 1 Cup
  • 🧆 ලුණු රස අනුව

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම තෙල් ස්වල්පයක් Pan එකකට දමා රත් වු පසු සුදූරු, කරපිංචා, ගොරකා, රටලුණු දමා කලවම් කරමින් ටික වේලාවක් තබන්න.
  2. ඉන්පසු එයට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, ලුණු දමා හොදින් කලවම් කරන්න.
  3. පසුව තම්බා පොඩි කරගත් අල ටික මිශ්‍රනයට දමා හොදින් කලවම් කරගන්න.
  4. එම මිශ්‍රනය ලිපෙන් ඉවතට ගෙන නිවෙන්න තබා පොඩි බෝල හදාගන්න.
  5. දැන් වෙනම භාජනයකට කඩල පිටි, ලුණු, කහ කුඩු දමා වතුර ටික ටික එකතු කරමින් උකු මීශ්‍රනයක් හදාගන්න. 
  6. අල මිශ්‍රනයෙන් හදාගත් පොඩි බෝල කඩල පිටි බැටර් එකේ දමා ගැඔූරු තෙලේ බැදගන්න.
අල බෝල හදමු (Ala Bola Hadamu - Allo Bonda) - Your Choice Way
මේ අල බෝල  එක හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම - ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment