Adambari Song Lyrics - ආඩම්බරී ගීතයේ පද පෙළ

Adambari Song Lyrics - ආඩම්බරී ගීතයේ පද පෙළ
Song Title : Adambari (ආඩම්බරී)
Singing : W.D Ariyasinghe (ඩබ්ලිව්.ඩී. ආරියසිංහ මහත්මා)


කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරී
සෝබන මුහුනේ සඳ රැස් අතරේ ඉන්නට නෑ
මගෙ සිරි යහනේ මගෙ ළඟ තනියට අද ඔබ නෑ

කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරී
සෝබන මුහුනේ සඳ රැස් අතරේ ඉන්නට නෑ
මගෙ සිරි යහනේ මගෙ ළඟ තනියට අද ඔබ නෑ

චංචල ඔබේ සිත ආයේ
මා පෙම අල්ලන්නේ නෑ
කදුලැලි නගනා කාලේ
මට තව ඉවසන්න බෑ
හදවත කකියන රාවේ
ඔබ හට නෑසේවි දෝ
සුසුමන් කලබන මාගේ ආඩම්බරී

හිරිපොද වැස්සේ මේ රෑ තිස්සේ
තෙමෙන්නට බෑ
දෑගිලි පතලා දිව ගිය මතකය
අමතක නෑ
සුසුමන් කලබන මාගේ ආඩම්බරී

උකුලට බර දී ආයේ
ප්‍රේමය විදගන්න බෑ
දෙතොලට සුවදුන් ප්‍රේමේ
මේ දුක උහුලන්න බෑ
නලලට සිපගත් ආලේ
ආයෙත් දැනෙන්නේ නෑ

මගේ හිත රිදවූ මාගේ ආඩම්බරී
සරසවි සෙවනේ ඔබ දුන් සෙනෙහේ අමතක නෑ
කාටත් නොදැනී නලලට තිලකය
තියනට බෑ
මගේ හිත රිදවූ මාගේ ආඩම්බරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment