Wattiamma (Madol Dalu) Song Lyrics - වට්ටිඅම්මා (මඩොල් දළූ) ගීතයේ පද පෙළ

Wattiamma (Madol Dalu) Song Lyrics - වට්ටිඅම්මා (මඩොල් දළූ) ගීතයේ පද පෙළ
Song Title : Wattiamma (Madol Dalu) වට්ටිඅම්මා (මඩොල් දළූ)
ගායනය : වොලී බැස්ටියන්ස්
පද : වොලී බැස්ටියන්ස්
සංගීත නිර්මාණය : වොලී බැස්ටියන්ස්


මඩොල් දළූ පුහුල් දළූ රසට උයයිලූ
වැටකොළූ කොහිල දළූ ඇඟට ගුණයිලූ
එළෝලූ එළෝලූ ගන්න එළෝලූ ....//

වට්ටිඅම්ම අර පෙනෙන්නෙ බරට ගෙනෙන්නේ
හට්ටි පුරා උයාගන්න ලාබෙට දෙන්නේ
වට්ටිය අල්ලන්න ටිකක් බිමට තියන්න
කෙකටිය අල තුඹ කරවිල ගෙනාව මෙන්න

මඩොල් දළූ පුහුල් දළූ රසට උයයිලූ
වැටකොළූ කොහිල දළූ ඇඟට ගුණයිලූ
එළෝලූ එළෝලූ ගන්න එළෝලූ

තුඹ කරවිල පෙන්නා පෙන්නා කෙකටිය අල දුන්නා
ගෝනි බතල ගැටතුඹ කොළ ගන්නකො මගෙ නෝනා
සිංඤොකො මයියොක්කා ගන්න කෝ අක්කා
වට්ටක්කා බණ්ඩක්කා ටික ලාබෙට වික්කා

මඩොල් දළූ පුහුල් දළූ රසට උයයිලූ
වැටකොළූ කොහිල දළූ ඇඟට ගුණයිලූ
එළෝලූ එළෝලූ ගන්න එළෝලූ

බිලිං කොහිල තක්කාලී ගන්නකො හෙරළී
කලින් ගන්න නෝන හෙටවත් දෙන්නකො සල්ලී
එබටු මෙබටු තිබ්බටූ තලන එළබටූ
පුළුටු නොවෙයි නෝන බැදල කන්න වම්බටූ

මඩොල් දළූ පුහුල් දළූ රසට උයයිලූ
වැටකොළූ කොහිල දළූ ඇඟට ගුණයිලූ
එළෝලූ එළෝලූ ගන්න එළෝලූ

ලුණුමිරිස් ටික හදාගන්න උදේට කන්න
අමුමිරිස් දෙහි කරපිංචා දැන්මම ගන්න .....//

මඩොල් දළූ පුහුල් දළූ රසට උයයිලූ
වැටකොළූ කොහිල දළූ ඇඟට ගුණයිලූ
එළෝලූ එළෝලූ ගන්න එළෝලූ ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment