Bhariya (Ruwata Hadata) Song Lyrics - භාරිය (රුවට හැඩට) ගීතයේ පද පෙළ

Bhariya (Ruwata Hadata) Song Lyrics - භාරිය (රුවට හැඩට) ගීතයේ පද පෙළ
Song Title : භාරිය (රුවට හැඩට)
ගායනය : වොලී බැස්ටියන්ස්
පද : වොලී බැස්ටියන්ස්
සංගීත නිර්මාණය : වොලී බැස්ටියන්ස්


රුවට හැඩට පෙනුණොත් තරුණෙකුට තරුණිය
නිකරුනේ ඇය ගෙවද්දි කාලය
ඈගෙ මුකුලු සිනාවට බැන්දොතින් ආලය
එදින කැඩෙයි රැකපු සීලය

එක පණ සේ සැමිය සමග වසන භාරිය
නිවසට ගෙන දෙති එළිය
පැමණෙන දුක් උසුලන ලිය සැපයි කිය කිය
ඒ අඟනියො මාතෘ භාරිය

දරුවෝ රැකගන්න සැමියා සනසන්න
භාරියකට යුතුකම් අන්න
ගෙයක් සොයාගන්න කරකාරය බැඳගන්න
දුක සැප දෙකටම ඉන්න

කුසගින්න උසුලමින් ඈ කාටත් නොකිය
ඇගේ සිනා රැල්ල නිවසෙ ප්‍රීතිය
ලද පමණින් සතුටු වන ප්‍රේමවන්තිය
ඒ අඟනියො මාතෘ භාරිය

අන්ධ වෙලා සැමියා පලකරයි සෝකය
ඔහුට මා අද සිට මනා ශක්තිය
අන්ධයාට කණවැල ගෙන කවුද යන ලිය
ඒ අඟනියො මාතෘ භාරිය

දරුවෝ රැකගන්න සැමියා සනසන්න
භාරියකට යුතුකම් අන්න
ගෙයක් සොයාගන්න කරකාරය බැඳගන්න
දුක සැප දෙකටම ඉන්න

ගෙන් ගෙට යතිය ඕපදූප සොය සොය
කොටවති අය කේලම් කිය කිය
සැමියා විඩාවී ආ කළ ගෙදර දබරය
ඒ අඟනියො වදක භාරිය

අන්ධ වෙලා සැමියා පලකරයි සෝකය
ඔහුට මා අද සිට මනා ශක්තිය
අන්ධ සැමියා හැරදා යන දුෂ්ඨ අඟනිය
ඒ භාරිය වදක භාරිය

ගෙනෙන් මාලය මට ගෙනෙන් සාරිය
අන් කෙනෙකුට කරයි ආලය
හිතේ කෝපය දරුවන්ට සෝකය
ගෙනදෙයි ඒ වදක භාරිය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment