Waragana Pera Harina Deviya Song Lyrics - වරඟන පෙර හරිනා දේවිය ගීතයේ පද පෙළ

Waragana Pera Harina Deviya Song Lyrics - වරඟන පෙර හරිනා දේවිය ගීතයේ පද පෙළ
Song Title : Waragana Pera Harina Deviya (වරඟන පෙර හරිනා දේවිය)
ගායනය : සෝමතිලක ජයමහ
ගී පද : ගුණසේන විජය ගුණරත්න
සංගීතය : කලණි පෙරේරා
ගී පද ඇමුණුම - සින්දු ඇනෝ


වරඟන පෙර හරිනා දේවිය..
දෙව්දහ වෙත වඩිනා..
ගිමන නිවන සිතිනා..
බැඳුනයි මේ සල් තුරු සෙවනා..

රන් පැහැ නුබ ගැබිනා..
එකවර සාදු නාද නැඟුනා..
බෝසත් පුත් රුවනා..
වැඩියැයි මිහිකත සසල වුනා...

මා හිස සරසමිණා පිපුනා..
සත් පියුමන් පිපුනා..
සසර ගමන් නොයනා..
සිරිපද පියුමන් මත තැබුනා...

උදාන පද ඇසුනා..ඇසුනා
මහ සිහ නඳ ඇසුනා..
මේ පින්බර දසුනා..
දුටුව මම - ලුම්බිණි සල් උයනා...

මම වෙමි ලුම්බිණි සල් උයනා...
මම වෙමි ලුම්බිණි සල් උයනා..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment