ලොව විශාලතම ආරනූල් වර්ගයේ මැණික (Star Sapphire)

ලොව විශාලතම ආරනූල් වර්ගයේ  මැණික (Star Sapphire) - Your Choice Way
ලොව විශාලතම ආරනූල් වර්ගයේ  මැණික (star sapphire) ගෙවත්තකින් හමුවී ඇති බව ශ්‍රී ලංකා බලධාරීන් උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.

මැණික් වලින් පොහොසත් රත්නපුරය දිස්ත්‍රික්කයේ ජිවත්වන මැණික් ව්‍යාපාරිකයෙකු සිය නිවස පිහිටි ඉඩමේ කම්කරුවන් පිරිසක් විසින් ලිඳක් කපමින් සිටියදී එය සොයා ගෙන ඇති බවයි වාර්තා වුනේ.

විශේෂයෙන් සුදුමැලි පැහැයට හුරු නිලකින් යුත් වන අතර එය ජාත්‍යන්තර වෙළෙදපොලේ ඇතමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වන බවයි සැලකෙන්නේ.

කිලෝග්‍රෑම් 510ක බරකින් යුත් මෙහි කැරට් මිලියන 2.5 පමණ අඩංගු වන බවට සැලකයි.

කෙසේවෙතත් මෙහි නිශ්චිත වටිනාකමක් මේ වන විට තක්සේරු කර නොමැති අතර මෙම වටිනාකම් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වටිනාකම් බව සැලකිය යුතුය.එමෙන්ම මෙය නිල් මැණිකක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරද සත්‍ය නොවේ.

උපුටා ගැනීමකි.නෙතුලි ආකර්ශා ඩැනියල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment