Sangawa Ganu Mana Song Lyrics - සඟවා ගනු මැන ගීතයේ පද පෙළ

Sangawa Ganu Mana Song Lyrics - සඟවා ගනු මැන ගීතයේ පද පෙළ
Song Title : Sangawa Ganu Mana (සඟවා ගනු මැන)
ගායනය : වික්ටර් රත්නායක
තනුව : වික්ටර් රත්නායක
පද : බණ්ඩාර විජේතුංග


සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

මහ වන පියසෙක – අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්
හිරු රැස් බිඳැකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවේ මා හද

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment