Samugena Yannemi Song Lyrics - සමුගෙන යන්නෙමි ගීතයේ පද පෙළ

Samugena Yannemi Song Lyrics - සමුගෙන යන්නෙමි ගීතයේ පද පෙළ

Samugena Yannemi Song Lyrics - සමුගෙන යන්නෙමි ගීතයේ පද පෙළ
Song Title : Samugena Yannemi (සමුගෙන යන්නෙමි)
ගායනය : වර්නන් පෙරේරා, ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : කරුණාරත්න අබේසේකර


සමුගෙන යන්නෙමි
මම ඔබ තනිකොට
අපේ මතු දියුණ සොයා
හිතකින් නොව මා
නැව් නැග යන්නේ
සිත ඔබේ තුරුලේ තියා

ගතින් මෙතැන මම
හිතින් ඔබගේ ලඟ
කිසිදින වෙනස් නොවේ
ජීවිතයට නැත
ඔබෙ සෙනෙහස වැනි
මිණි කිරුළක් මෙලොවේ

සුදු මුදු රැල්ලේ
මීදුම් තුරුල්ලේ
නැව ඇදිලා යනවා
මද පවනැල්ලේ
සිත කැළඹිල්ලේ
ඔබ ගැන සිහිවෙනවා

ප්‍රිය සුහදාණෙනි
මා සිරවූයේ
දුක්බර බිම් ගෙයකයි
ඔබ රුව නෙපෙනී
කටහඬ නොඇසී
ගත සිත අවිවේකයි

වෙරළක දිළිසෙන
විදුලිය රේඛා
අතරින් එබෙනු දැනේ
අඳුර කපාගෙන
පහන් ටැඹක් ලෙස
ඔබ මට දුරට පෙනේ

මටම ලැබෙන තෙක්
සක්වල පාලන
දෙවියන් රැක දේවා
සසර සරන තුරු
ඔබ මට නොනිමෙන
රන් පහනක් වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment