Samawenna Raththarane Song Lyrics - සමාවෙන්න රත්තරනේ ගීතයේ පද පෙළ

Samawenna Raththarane Song Lyrics - සමාවෙන්න රත්තරනේ ගීතයේ පද පෙළ
Song Title : Samawenna Raththarane (සමාවෙන්න රත්තරනේ)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත් මලේ
දේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේ
කව්රුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ

මල් සාරාට තහනම් ගෙයි දොරගුළු ඇරුනේ
බහට බහක් දී අඩවන් දෙනතක බැඳුනේ
ආලවන්ත කැකුළියකගෙ තුරුලෙහි රැඳුනේ
ගෙවුනු රැයක් ආත්මයක මට පව් පිරුවේ

සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත් මලේ
දේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේ
කව්රුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ

දෙපා වඳින ඇගෙ දෑසෙහි කදුළු පෙනි පෙනී
බිඳී ගියා මුළු ලොව සෙනෙහසින් දැවි දැවී
සඳ මඬලට පෙම් සිසිලස පිදුව කුමුදිනී
ජාති ජාති යන්නෑ ඔබ ලඟින් දුරස්වී

සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත් මලේ
දේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේ
කව්රුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment