කඩේ කෑම නොකා ගෙදරම පිට්ටු හදමු 🍙👌 (Pittu Hadamu)

කඩේ කෑම නොකා ගෙදරම පිට්ටු හදමු 🍙👌 (Pittu Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හාල් පිටි කිලෝ 1
  • ගාගත් පොල් ගෙඩියක්
  • ලුණු රස අනුව
  • සිහින්ව ග්‍රේට් කර ගත් කැරට් අල 3 ක්
  • නිවුණු උණු වතුර 

✅ සාදන ක්‍රමය :

  1. මුලින්ම අමු ගතිය යන්න පිටි ටික බැද ගන්න ඕන.හැබැයි බ්‍රවුන් පාට වෙනකන් එහෙම බැද ගන්න එපා.ටිකක් රත් වෙලා අර අමු ගතිය යන්න ටිකක් හැඳි මිටකින් කවලම් කර කර බැඳගෙන හොඳට නිවෙනකන් තියන්න.
  2. දැන් ගාගත් පොල් ටිකට වතුර අඬු කෝප්ප 2 ක් 3 ක් දාල උකු කිරි එකක් මිරික ගන්න ඕන පිට්ටුත් එක්ක කන්න. හැබැයි හොඳට මතක තියා ගන්න පොල් ටික ඇඟිලි තුඩු වලින්  ලාවට තමයි මිරික ගන්න ඕන.සේරම කිරි ටික මිරිකලා ගන්න එපා.අනික කිරි ගොට්ටට දාල මිරිකන්නත් එපා.නිකන් පෙරල ගන්න.
  3. පසුව හොඳට නිවුණු පිටි ටික අරන් අපි කිරි ටික ගනිපු පොල් ටික දාල ලුණු රස අනුව දාල හොදට කැට හදා ගන්න.වතුර දාන්න එපා එක පාරටම.මොකද අපි මිරිකපු පොල් වල හොඳට වතුර ගතිය තියනවනේ.(ලුණු එකතු කරන කොටත් සැලකිලිමත් වෙන්න.වැඩිපුර ලුණු එකතු කරන්න එපා.)
  4. කැමති නම් කැරටි අලයක් දෙකක් ග්‍රෙට් කරල එකතු කරන්න.කැරට්,කරපිංචා ඒ වගේම තම්බපු කඩල වගේ එකතු කරන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත. ඒ නැතුව පොල් පිට්ටු විතටක් උනත් හරිම රසයි.
  5. පිටි ටික කැට කරන කොට වතුර ගතිය මදිනම් නිවුණු උණු වතුර හෝ පොල් කිරි ස්වල්පයක් එකතු කරල පිටි එක කැට කරන්න. (පිටි එක හදන කොට කැට නොවන කොටස් පතුලෙ ඉතිරි වෙනවා.ඒවට වතුර ස්වල්පයක් එකතු කරල කැට කර ගන්න.)
  6. දැන් ලුණු රස එහෙම බලල පිට්ටු ටික තම්බ ගන්න. පිට්ටු බම්බුවක,ස්ටීමර් එකක රයිස් කුකර් එකේ හදා ගන්න.රයිස් කුකර් එකේ හදනවානම් කෝම් පිට්ටු විදියට හදා ගන්න.නැත්නම් ස්ටීමර් එකට කෙසෙල් කොලයක් එළන්න. (ඉස්සර අපේ ගෙවල් වල රයිස් කුකර් එතකොට ස්ටීමර් නෑ. අපි කරන්නෙ කට පළල් මුට්ටියකට වතුර දාල වහන්තරාවක් බැදල කතිර හැඩයට පොල් කොල දෙකක් තියල පිට්ටු මිශ්‍රණය ගානට තියල මැදින් සිදුරක් හදල තවත් ලොකු හට්ටියක් අරන් වහල තම්බ ගන්නවා. නැත්නම් උණ බම්බුවක් හදා ගන්නවා.තවමත් මාතර පැත්තෙ අපේ ගෙවල් වල මේ ක්‍රමය භාවිතා කරනවා. ❤)

▪පිට්ටු කන්න අපි කලින් මිරිකපු කිරි එක ගන්න.ඒ වගේම උම්බලකඩ සම්බල,කට්ට සම්බෝලයක්,කිරි හොද්දක්,අල කිරි හොද්දක් චිකන් හොද්දක් මාළු හොද්දක් ගන්න පුළුවන් .
▪පොඩි ළමයින්ට නම් සීනී හෝ පැණි,හකුරු එක්ක කන්න උනත් පුළුවන්.

🔴 මාතර අපි නම් කන්නෙ කිරි හොද්දක් හදල මී කිරි ට්කක් දාගෙන කනවා ඇති වෙනකම් 😋

🔴 කැමති නම් මුරුංගා කොල මිටක් මද පවනේ වේලලා බැදල අරන් කුඩු කරල හාල් පිටි එකට එකතු කරන්න පුළුවන්.පිට්ටු වගේම ඉඳි ආප්ප හදන්නත් පුළුවන්.මුරුංගා කොල එකතු කලාම හරිම ගුණදායකයි.

✅ වැදගත් :

🔴 මම ගත්තෙ හාල් පිටි.කඩේ තියන පැකට් කරපු ඉඳි ආප්ප පිටි ගන්නත් පුළුවන්. නැත්නම් පාන්පිටි ගන්නත් පුළුවන්.ඒ වගේම කුරක්කන් පිටි ගන්නත් උනත් පුළුවන්.

🔴 මම සාමාන්‍යයෙන් පාන් පිටි වලින් කොහෙත්ම පිට්ටු හදන්නෙ නැහැ.හාල් පිටිම තමයි අර ගන්නෙ.

🔴 පිට්ටුව නියම ක්‍රමයට හදන විදිය නවකයෙක් හදනවා නම් මතුවන ගැටලු ගැන පොඩි video එකක් දාල ඇති.ඒක බලන්න. ගොඩක් quality video එකක් නෙවෙයි. මම මේක කරන්නෙ මගෙ ආදරණීය සිසු සිසුවියන් වෙනුවෙන් මගේ විනෝදාංශයක් වශයෙන් නේ.

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනව උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment