Pana Senehasa Song Lyrics - පානා සෙනෙහස ගීතයේ පද පෙළ

Pana Senehasa Song Lyrics - පානා සෙනෙහස ගීතයේ පද පෙළ
Song Title : Pana Senehasa (පානා සෙනෙහස)
Singing : Dushyanth Weeraman (දුෂ්‍යන්ත වීරමන් මහත්මා)


පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙන
ඉන්න නුඹට බැරිනම්
කීවා නාහන සිත වාගෙන අදුරෙම මම ඉන්නම්

විස ගෝර සර්ප විමනෙ
බිය නැති බොම ලදුනේ
තනිකමෙන් නිදන නුබගේ
කටු ඇනේවි සිරි යහනේ

විස ගෝර සර්ප විමනෙ
බිය නැති බොම ලදුනේ
තනිකමෙන් නිදන නුබගේ
කටු ඇනේවි සිරි යහනේ

සත් පියුමන් මත
නුඹ අඩ සදකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි
සත් පිරිවර මැද කුමට වදින්නේ
ගැස්සෙන මයෙ ලැම
මොටද බලන්නේ

නානාවිද දුන් හී මානාගෙන
නුබට මසිත පිදුවත්
සේනා මොකටද නුඹෙ ඔය උනුහුම
වෙනකෙනෙකුට නොම දෙන්

නුඹ මද්‍රි දේවි වේ නම්
වෙස්සන්තර මම වෙන්නම්
සුන්දර නෑ එය එතරම්
සොදුරිය දැන් හිතන තරම්

නුඹ මද්‍රි දේවි වේ නම්
වෙස්සන්තර මම වෙන්නම්
සුන්දර නෑ එය එතරම්
සොදුරිය දැන් හිතන තරම්

සත් පියුමන් මත
නුඹ අඩ සදකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි
සත් පිරිවර මැද කුමට වදින්නේ
ගැස්සෙන මයෙ ලැම
මොටද බලන්නේ

සත් පියුමන් මත
නුඹ අඩ සදකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි
සත් පිරිවර මැද කුමට වදින්නේ
ගැස්සෙන මයෙ ලැම
මොටද බලන්නේ

සත් පියුමන් මත
නුඹ අඩ සදකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි
සත් පිරිවර මැද කුමට වදින්නේ
ගැස්සෙන මයෙ ලැම
මොටද බලන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment