Oba Malak Wela Song Lyrics - ඔබ මලක් වෙලා ගීතයේ පද පෙළ

Oba Malak Wela Song Lyrics - ඔබ මලක් වෙලා ගීතයේ පද පෙළ
Song Title : Oba Malak Wela (ඔබ මලක් වෙලා)
ගායනය : සෝමතිලක ජයමහ
සංගීතය : සෝමතිලක ජයමහ
ගී පද : සුනිල් ආරියරත්න


ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී...
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී...

සුළඟ වෙසින් මා එන කල
ඔබේ සුවඳ සෑහේ මට
මල් මුව රද ඔබ සමඟයි
මලේ සුවඳ මා අසලයි...

ඔබ මලක් වෙලා...//

ගඟක් වෙලා මා යන කල
ඔබේ එළිය සෑහේ මට
පුර හද නිළඹර සමඟයි
සඳේ එළිය මා අසලයි

ඔබ මලක් වෙලා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment