සිත් සුවපත් වන - නෙල්ලිකුලම විහාරය ☸️🙏😇 (Nellikulama Viharaya)

සිත් සුවපත් වන - නෙල්ලිකුලම විහාරය ☸️🙏😇 (Nellikulama Viharaya) - Your Choice Way

අද අපි කතා කරන්නේ සිත් පහන්වෙන සුන්දර පූජනීය ස්ථානයක් ගැන... 

ඒ නමින් ‘සිරිසම්බුද්ධ පංචසතික’ ශ්‍රාවක චාරිකාරාමයයි... 

ගොඩක් දෙනෙක් නම් කියන්නේ නෙල්ලිකුලම විහාරය කියලයි..

අනුරාධපුර, තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම නමැති රමණීය ගම්පියසේ තමා මේ පන්සල පිහිටලා තියෙන්නේ.. 

අක්කර 10 ක් පමණ වූ වනගත භූමි භාගයක නිර්මාණය කර ඇති ‘සිරිසම්බුද්ධ පංචසතික’ ශ්‍රාවක චාරිකාරාමය’ හරිම විශේෂ නිර්මාණයක්...

ඒ මොකද දන්නවා ද බුදුන් වහන්සේ පන්සියයක් මහරහතුන් සමඟ සදහම් චාරිකාවේ නිරතවන අයුරු මෙහි මූර්තියට නගා තියෙනවා...

බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් මහ රහතන් වහන්සේලා ගම් නියම් ගම් සැරිසරමින් අනුරාධපුරයට වැඩම කරන ආකාරය නිරූපණය කරන ප්‍රතිමා පන්සියයම දැනට මෙහි නිර්මාණයවී තිබෙනවා...

එමෙන්ම බුදුන් වහන්සේ සමනොල කන්දේ සිරිපා සටහන් තබා කඳු මුදුනේ සිට බැස එන අයුරුත්, මෙහි මූර්තිමත් කර තිබීම තවත් විශේෂත්වයක්....

ඒ වගේම මේ පුද බිම තුළම ලෙන් ඉදිකොට තිබෙනවා....

උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අදහසක් අනුව තමා 2004 ජූලි 06 වෙනිදා මේ පුදබිම ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර තියෙන්නේ...

මෙහි අපූර්වත්වය බලන්න ඒ සන්සුන්බව විදගන්න ඔබත් මේ පූජනීය පුදබිමට එන්න අමතක කරන්න එපා...

බුදු සරණයි ☸️🙏 පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment