Maha Warusawata Song Lyrics - මහ වරුසාවට ගීතයේ පද පෙළ

Maha Warusawata Song Lyrics - මහ වරුසාවට ගීතයේ පද පෙළ
Song Title : Maha Warusawata (මහ වරුසාවට)
ගායනය : සෝමතිලක ජයමහ
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : රෝහණ වීරසිංහ


මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...//

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ...
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ...

මහ වරුසාවට...//

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි...
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි...

මහ වරුසාවට...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment