Mage Hitha Wenathaka Song Lyrics - මගේ හිත වෙනතක ගීතයේ පද පෙළ

Mage Hitha Wenathaka Song Lyrics - මගේ හිත වෙනතක ගීතයේ පද පෙළ
Song Title : Mage Hitha Wenathaka (මගේ හිත වෙනතක
ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : සරත් දසනායක


මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ
දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං

ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ
එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ
ඇයි නිහඬව ඉන්නේ

මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ
දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං

මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී
දුක සැප එක ලෙස විඳගනු කෙලෙසද
දැන්වත් හිනැහෙන්නේ

මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ
දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment