Latha Madullak Katha Karanawa Song Lyrics - ලතා මඩුල්ලක් කථා කරනවා ගීතයේ පද පෙළ

Latha Madullak Katha Karanawa Song Lyrics - ලතා මඩුල්ලක් කථා කරනවා  ගීතයේ පද පෙළ

Latha Madullak Katha Karanawa Song Lyrics - ලතා මඩුල්ලක් කථා කරනවා  ගීතයේ පද පෙළ
Song Title : Latha Madullak Katha Karanawa (ලතා මඩුල්ලක් කථා කරනවා)
ගායනය : චන්ද්‍රානි ගුණවර්ධන, එඩ්වඩ් ජයකොඩි 
තනුව/ සංගීතය : සරත් දසනායක 
ගී පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ 


ලතා මඩුල්ලක් කථා කරනවා 
සෙවනට එන්න කියා 
මේ මල් උද්‍යානේ නවතිමු හැන්දෑවේ 
වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා 
බෑ නවතින්න කියා 
මේ මල් උද්‍යානේ වෙන් වෙමු රෑ බෝවේ

වෙන්වී යන්නේ රෑ තනියානේ 
තනිකම නොදැනේදෝ
ඒ තනියානේ තනිය මකන්නේ 
මතක සුවඳ නේදෝ 
උදයේ හමුවී හවසට වෙන්වී 
යළි හෙට හමුවේදෝ 
සදහට නැවතී ඉන්නට එන්නම් 
දෙසිතක් නැහැ නේදෝ

ලතා මඩුල්ලක් කථා කරනවා 
සෙවනට එන්න කියා 
මේ මල් උද්‍යානේ නවතිමු හැන්දෑවේ 
වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා 
බෑ නවතින්න කියා 
මේ මල් උද්‍යානේ වෙන් වෙමු රෑ බෝවේ

රන් තරු යායේ සඳ පායන්නේ 
අප දැකලා නේදෝ 
ඒ හඳ පානේ අප හමුවන්නේ 
හෙට දිනයේ නේදෝ 
කල් බලමින්නේ දසැඟිලි ගැන්නේ
හමුවනතුරු නේදෝ 
මුදු පළඳින්නේ මුතු කරලන්නේ 
නැකත් බලා නේදෝ

ලතා මඩුල්ලක් කථා කරනවා 
සෙවනට එන්න කියා 
මේ මල් උද්‍යානේ නවතිමු හැන්දෑවේ 
වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා 
බෑ නවතින්න කියා 
මේ මල් උද්‍යානේ වෙන් වෙමු රෑ බෝවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment