Kusum Pipi Thuru Mathe Song Lyrics - කුසුම් පිපී තුරු මතේ ගීතයේ පද පෙළ

සිංදු පොත,Somathilaka Jayamaha,සෝමතිලක ජයමහ මහත්මා
Song Title : Kusum Pipi Thuru Mathe (කුසුම් පිපී තුරු මතේ)
ගායනය : සෝමතිලක ජයමහ
සංගීතය : ජෝර්ජ් පල්ලියවත්ත
ගී පද : ජෝර්ජ් පල්ලියවත්ත


කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //
කෝකිල කූජනය නැගේ
ලිය ගොමු අතරේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //

රේණු සැලේ වැලි තළේ
පෙති ගිලිහී දිය වැළේ //
ගඟබඩ තුරු වදුල තුලේ
කුරුළු ගී ඇසේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //

ගම්මානය කෙළවරේ
පන්සල් බිම බෝ රුකේ //
සිළි සළි ගා කොල නැටවේ
සම්බුදු මිහිරේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //

අඹ මල් පොකුරට වෙලා
ලේනෙකු ටිං ටිං කියා
මධු රස ගී ගය ගයා
අම රස වින්දේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //
කෝකිල කූජනය නැගේ
ලිය ගොමු අතරේ
මධුර වසන්තේ

කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment