Gahen Nuraawe Song Lyrics - ගැහෙන නුරාවේ ගීතයේ පද පෙළ

Gahen Nuraawe Song Lyrics - ගැහෙන නුරාවේ ගීතයේ පද පෙළ
Song Title : Gahen Nuraawe (ගැහෙන නුරාවේ)
Artist : Chamel Shavindha
Melody & Music : Chamel Shavindha
Lyrics : Buddhi Sandeepa


ගැහෙන නුරාවේ වෙලුනා රහසේ
රිදෙන දුමාරේ ඇසුනා කී දේ
තුහින මකාලා වෙලුනා මාගේ
රැදෙන ලතාවේ තනි වී උන්නා වේ

සයනේ රටා රූ මැකේ
මහදේ සුරා මත් වෙලේ
මතකේ පුරා මා දැවේ
ඇයගේ දවාලූ සෙනේ

මියුණ අතීතේ ඉඩ නෑ ආයේ
සිහින ඇසේවී වියැකී මාගේ
තනිව අසාවී හිස් ආකාසේ
ඇයම සරාවී මනසේ මාගේ

ගිලිහෙනා කාරණා මියෙනවා සිත මගේ
වැරදෙනා කෙටි කතා මට සදා හිමිවුනේ
මම ම කී දේ.. මට ම පෑරේ
ඇති කියා.. අහනවා
හැරලු ප්‍රේමේ.. යළි නොආයේ
තනිවෙලා.. තැවෙනවා

ගැහෙන නුරාවේ වෙලුනා රහසේ
රිදෙන දුමාරේ ඇසුනා කී දේ
තුහින මකාලා වෙලුනා මාගේ
රැදෙන ලතාවේ තනි වී උන්නා වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment