Gaganodare Song Lyrics - ගගනෝදරේ ගීතයේ පද පෙළ

Gaganodare Song Lyrics - ගගනෝදරේ ගීතයේ පද පෙළ
Song Title : Gaganodare (ගගනෝදරේ)
ගායනය : උපාලි කන්නංගර
පද : ඉන්ද්‍රානි බොතේජු
තනුව : උපාලි කන්නංගර


ගගනෝදරේ මුළු රෑ පුරා
සඳ සීතලේ ගැඹුරේ
අරුණෝදයේ වන මායිමේ
මල් මාලතී හැඬුවේ
අඳුරේ තනිවී
තරුවක් සුසුම් හෙලුවේ

නෙක පාට වලාවෙක වල්මත් වී ගිය
තරුවට අමතක පෙම් පුවතේ ...//
මතකේ අවදිවී යළි එන දා
පෙර මං සලකුණු නොමැතේ

ගගනෝදරේ මුළු රෑ පුරා
සඳ සීතලේ ගැඹුරේ

දුර මන්දාකිණියේ තරු අතරේ
මැළැවුණු ඔබෙ රුව නෙත ගැටුණේ ...//
ගිම්හානයේ ඔබ සමුගත් දා
උණුසුම දෙතොලේ සිඳුණේ

ගගනෝදරේ මුළු රෑ පුරා
සඳ සීතලේ ගැඹුරේ
අරුණෝදයේ වන මායිමේ
මල් මාලතී හැඬුවේ
අඳුරේ තනිවී
තරුවක් සුසුම් හෙලුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment