එදිනෙදා ජීවිතයට අත් බෙහෙත් කීපයක් (Ath Beheth)

එදිනෙදා ජීවිතයට අත් බෙහෙත් කීපයක් ( Ath Beheth) - Your Choice Way

☑️ උණට
🔹 වෙනිවැල්ගැට
🔹 වියළි ඉඟුරු
🔹 දුම්මැල්ල
🔹 පත්පාඩගම්
🔅 තම්බා බීම ගුණදායකය.

🔸 ඉඟුරු
🔸 ගම්මිරිස්
🔸 තිප්පිලි
🔸 කොත්තමල්ලි
🔅 තම්බා තිබිම ගුණදායකය.
🔅 ඉඟුරු, කොත්තමල්ලි තම්බා සීනි දමා  දිනකට  දෙතුන්වරක් පානය කරන්න.

☑️ දැවිල්ල සහිත උණට
🔸 පත්පාඩගම් තැම්බු වතුර  ගුණදායකය.

☑️ අජිර්ණ සහිත උණට
🔸 ඉඟුරු, කොත්තමල්ලි, එළබටු මුල්,කටුවැල්බටු, කළං දෙකයි, මංචාඩි  අට  බැගින්  ගෙන කසාය පිළියෙල කර  දිනකට  දෙවරක් පානය  කිරිමට  දිම යහපත්ය.

☑️ සෙම්ප්‍රතිශ්‍යාවට
🔹 ඉඟුරු
🔹 කොත්තමල්ලි
🔹 තැම්බු  වතුර සිනි දමා පානය කිරිම ගුණදායකය.
🔹 තිප්පිලි කුඩු මී පැණී ගත හැක.
🔹 කොත්තමල්ලි, යක් නාරං කොළ තම්බා  හුමාලය ඇල්ලිම ගුණදායකය.
🔹 මද උණුසුම් ජලයට  ලුණු  දියකර  උගුර  සේදීම ගුණදායකය.

☑️ පිනසට
🔸 ගොටුකොළ කොටා  ලබාගත් යුෂ මඳක්  රත්කර  ගම්මිරිස්  කුඩු ස්වල්පයක් දමා  උදෑසන පානය කරන්න.
🔸 වියළී කහ,වියළී ඉඟුරු කුඩුකර, තේ හැන්දක්  උණූ වතුර කෝප්ප භාගයකට  දමා, තම්බා  මී පැණීයෙන් බීම ගුණදායකය.
🔸 වියළි කහ,වියළි ඉඟුරු කුඩු, තැඹිලි  ගඩියකට  දමා රැයක් එළීවෙන්නට  තබා  හිස්බව පානය කළ හැකිය.
🔸 ඉඟුරුපියලිය, පිටවක්කා, තිප්පිළි, නෙළුම් අල ,සුදු ලුණු, ගම්මිරිස් කළං දෙක බැගින්  ගෙන කසාය පිළියෙළ කර පානය කළ හැකිය.

☑️ ඇස් දැවිලලක්  සමඟ ඇතිවන පිනසට
🔹 අරළු 
🔹 නෙල්ලි 
🔹 මුකුණුවැන්න
🔹 වැල්මි
🔹 සැවැන්දරා
🌿 සම ප්‍රමාණයන්ගෙන් ගෙන අබරා ඇල් දියෙන්  කලතා  පසුදින උදෑසන තල තෙල්  සමඟ මිශ්‍ර කර  හිසේ ගැල්වීම සුදුසුය.

☑️ මුත්‍රා දැවිල්ලට
🔸 වැල්පෙනෙල කොළ කොටා  මිරිකා  ගත්  යුෂ පානය කළ හැක
🔸 ඉරමුසු තම්බා බීම යෝග්‍යය‍
🔸 මුත්‍රා දැවිල්ල සමනයට  නිරමුල්ලිය තම්බාදීම ගුණදායකය.
🔸 කැකිරි ඇට,අක්කපාන සමඟ සමට  ගොනු පානයට  දිය හැක.
🔸 තැඹිලිගෙඩියක්  රාත්‍රියේදි  කපා ජලය මඳක්  ඉවත්  කර  රාබු පෙති කිහිපයක්  එයට  දමා  පසුදින එය පොඩිකර  එයටම දමා පානය කිරිම මුත්‍රා  දැවිල්ල සමනයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

☑️ අධික රුධිර  පිඩනයට
🔹 සියඹලා බොර තේ හැඳි 4
🔹 තල තෙල් තේ හැඳි 1
🔹 විනාකිරි  තේ හැඳි 3 ක්
🌿 මිශ්‍ර කර  හිසට  දැමීමෙන් අධීක රුධිර  පිඩනය අඩුවේ.
🌳 බැබිළ මුල් , සුදු ලුණු, උළුහාල් තම්බා  දෙතුන්වරක්  පානය කිරිමට  දිය හැකිය.
🌳 නිදිකුම්බා  මුල් තේ හැඳ  භාගයක්  උණු වතුර  මිශ්‍ර කර  දිනකට  දෙවරක්  පානය  කිරිම ගුණදායකය.
🌳 නස්නාරං මේස හැඳ 2, සහිඳ ලුණූ තේ හැඳ  2 ක්  බීමට  දිම ගුණදායකය.
🌳 කුඹුක් පොතු කසාය ද ගුණදායකය

☑️ සමේ කුෂ්ඨ  සඳහා
🔸 අමුකහ,කොහොඹ කොළ තම්බා එම ජලයෙන් කුෂ්ඨ  ඇති ස්ථානය සෝදන්න.
🔸 ඇත්තෝර  කොළ
🔸 කොහොඹ කොළ
🔸 පින්න කොළ
🔸 නිදිකුම්බා කොළ සම ප්‍රමාණයන්ගෙන් ගෙන තම්බා , කුෂ්ටය ඇති  ස්ථානය සේදිමෙන් සුවය ලැබේ.
🔷 ලුණුවිල ත ම්බා, සේදිම ද ගුණදායකය.
🔷 අරළු, බුණ ,නෙල්ලි තම්බා  සේදිම ද ගුණදායකය.
🔷 ගංසුරිය පොතු  අමුකහ  දමා  තම්බා  සේදිම සුදුසුය.

☑️ මධූමේහය වළක්වා  ගැනිමට
🔶 අමු කරවිල පෙති කපා ඇල්දිය විදුරුවකට  දමා  පසුදින එම ජලය පානය කළ හැකි වේ.
🔶 අට්ටික්කා  මුල කපා  වැහැරෙන යුෂ මේස හැන්දක්  මී පැණී  තේ හැන්දක්  ස මඟ පානය කිරිමට  සැලැස්වේ.
🔶 මුං ඇට  කුඩුකර  මේස හැන්දක්  මීපැණියෙන් ගත හැකිය.
🔶 නෙල්ලි, රසකිඳ යුෂ පැණියෙන් ගත හැකිවේ.

🙏 සියලු සත්වයෝ සුවපත් වේවා! 🙏 විශ්මිත හෙළ ඔසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..

0 comments:

Post a Comment