Ahase Innawalu Song Lyrics - අහසෙ ඉන්නවලු ගීතයේ පද පෙළ

Ahase Innawalu Song Lyrics - අහසෙ ඉන්නවලු ගීතයේ පද පෙළ

Ahase Innawalu Song Lyrics - අහසෙ ඉන්නවලු ගීතයේ පද පෙළ
Song Title : Ahase Innawalu (අහසෙ ඉන්නවලු)
ගායනය : ලයනල් රන්වල, සමන් ද සිල්වා
සංගීතය : ලයනල් රන්වල
ගී පද : ලයනල් රන්වල


අහසෙ ඉන්නවලු ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු නොදැක වඳිනවලු

ගින්නෙ නටනවලු බෙර හඬට නටනවලු
නටල වඳිනවලු පව් පිහිට පතනවලු //

ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන ඩෙනෝ //

මෝල් ගහේ දළු එනතුරු කලු කපුටා සුදුවන තුරු
යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවන තුරු //
පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොලක් හැදුවෙත් නෑ
අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං

අහසෙ ඉන්නවලු...

පෙරළි පෙරළි වඳින ගානේ දුක හිතෙනව මට
බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින //
හේනක් කුඹුරක්වත් නෑ වගා කලේ මම
අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට

අහසෙ ඉන්නවලු...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment