Ran Tharakawan Song Lyrics - රන් තාරකාවන් ගීතයේ පද පෙළ

Ran Tharakawan Song Lyrics - රන් තාරකාවන් ගීතයේ පද පෙළ
Song Title : Ran Tharakawan (රන් තාරකාවන්)
ගායනය : ජගත් වික්‍රමසිංහ
පද රචනය : ඉවාන් සුවාරිස්
සංගීතය : රෝහණ වීරසිංහ


රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී...//

මා දෙනෙත අඩ අදුරෙ රඳවා තියා
සඳවතිය පාවී ගියා...//
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා...
මේ හැටිම නපුරුයි කියා...

මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි සිතා...//
නිදි නොමැති නෙත් අගට කදුලක් තියා
මුළු රෑම ගෙවිලා ගියා..
මුළු රෑම ගෙවිලා ගියා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment