Nube Namin Ma Duk Wee Song Lyrics - නුඹේ නමින් මා දුක් වී ගීතයේ පද පෙළ

Nube Namin Ma Duk Wee Song Lyrics - නුඹේ නමින් මා දුක් වී ගීතයේ පද පෙළ
Song Title : Nube Namin Ma Duk Wee (නුඹේ නමින් මා දුක් වී)
ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ඩබ්ලිව් ඩී අමරදේව


නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්..
නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්..
උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල්..
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්..

මා හැරගිය දුක් තැවී
නුඹට සාප කරනු බැරී..//
නුඹේ නපුරු කමට කිපී
සිතේ වෛර බඳිනු බැරී..

නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්..
නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්..
උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල්..
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්..

නිදි නැති රෑ දෑස තෙමී
මතක සුවඳ වැලඳ ගනී..//
මා තනි වුනු අයුරු පෙනී
නුඹ සැනැහෙන් මට හිනැහී...

නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්..
නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්..
උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල්..
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment