මිල්ක් කුකීස් හදමු (Milk Cookies)

මිල්ක් කුකීස් හදමු (Milk Cookies) - Your Choice Way

✅ 🖊️අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌈️ කිරි පිටි මේස හැඳි දෙකක් 
  • 🌈️ මාගරින් / බටර් කෝප්ප භාගයක් 
  • 🌈️ සීනි පවුඩර් කෝප්ප භාගයක් 
  • 🌈️ වැනිලා තේ හැඳි බාගයක් 
  • 🌈️ පාන් පිටි කප් එකක් 
  • 🌈️ බේකින් සෝඩා හෝ බේකින් පවුඩර් තේ හැඳි භාගයක් 

✅ 🖊️සාදන ක්‍රමය :

  1. 🥄 සීනි ටික බ්ලෙන්ඩර කර ගන්න .
  2. 🥄 සීනි වලට මාගරින් හෝ බටර් ටික දමා හොදින් කලවම් කරන්න .
  3. 🥄 පාන් පිටි  වලට බේකින් සෝඩා හා බේකින් පවුඩර් දමා හලා ගන්න .
  4. 🥄 මිශ්‍ර කර ගත් සීනි හා මාගරින් වලට කිරිපිටි හා පාන් පිටි දමා හොඳින් කලවම් කරන්න . වැනිලා ද එක් කරන්න .
  5. 🥄 අතේ නොඇලෙන පිටි මෝලියක් වනතුරු හොඳින් අනාගන්න .( මෙය මෘදු පිටි මෝලියකි )
  6. 🥄 කැඩෙන සුළු නම් පාන් පිටි ස්වල්පයක් එකතු කරන්න .
  7. 🥄 ලෑල්ලක පිටි මෝලිය තුනී කර කැමති හැඩයකට කුකීස් කපා ගන්න .
  8. 🥄 බටර් ගාගත් තැටියක කුකීස් තබා , කිරිපිටි තේ හැන්දක්  උණු වතුර මේස හැන්දක දියකර හෝ කිරි ස්වල්පයක් උඩින් ආලේප කරන්න .
  9. 🥄 අවන් එක180°C විනාඩි දහයක් ප්‍රී හීට් කර , විනාඩි දොළහක් බේක් කරගන්න   
එහෙම නැත්නම් භාජනයක් ලිපේ තබා cooling rack එකක් දමා ඒක උඩින් කුකීස් ට්‍රේ එක  තියලා විනාඩි 20-25 විතර දෙපැත්ත හරවල බේක්  කර  ගන්න (සැරින් සැරේ ටිකක් බලන්න )

🛡️  චන්දිමා රණසිංහ …… ❤️ 🛡️  Chandima Ranasingha ……  ❤️
මිල්ක් කුකීස් හදමු (Milk Cookies) - Your Choice Way

මිල්ක් කුකීස් හදමු (Milk Cookies) - Your Choice Way

මිල්ක් කුකීස් හදමු (Milk Cookies) - Your Choice Way

මිල්ක් කුකීස් හදමු (Milk Cookies) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment