Mal Muthulal Song Lyrics - මල් මුතුලැල් ගීතයේ පද පෙළ

Mal Muthulal Song Lyrics - මල් මුතුලැල් ගීතයේ පද පෙළ
Song Title : Mal Muthulal (මල් මුතුලැල්)
ගායනය : උරේෂා රවිහාරි, ජගත් වික්‍රමසිංහ
සංගීතය : සරත් ද අල්විස්


මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ..
මා සඟවා තබයි ඔබේ රාජධානියේ..
ඇල් ගඟුලැල් නිල් දියරැල් සිහින නිම්නයේ...
මා සිතගාවමයි ඔබේ තාරකාවියේ...

හෝ...හෝ...හෝ...හෝ...
ම්..ම්...ම්...ම්....

නිල් නුගවිල් පුන් සඳ රැල් විසිරෙනා වෙලේ..
මේ හසකැන් මේ දෙණුවන් තාරකා දිලේ..
රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හදේ..
මේ නිකැලැල් ජීවන මල් මාලතී පිපේ..
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ...

මල් මුතුලැල්...

ගුම් විහඟුන් පෙම් පබැදුම් මුමුණනා උදේ..
මාරුතයෙන් චාමරවන් ගායනා රැදේ..
රන් සිහිනෙන් ගිම්නිමවින් සැතපෙනා දිනේ..
නෑ ලතැවුල් සෝ කඳුලැල් මා ඔබේ ලොවේ..
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ..

මල් මුතුලැල්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment