Mage Hitha Piri Thibenne Song Lyrics - මගෙ හිත පිරී තිබෙන්නේ ගීතයේ පද පෙළ

Mage Hitha Piri Thibenne Song Lyrics - මගෙ හිත පිරී තිබෙන්නේ ගීතයේ පද පෙළ
Song Title : Mage Hitha Piri Thibenne (මගෙ හිත පිරී තිබෙන්නේ)
ගායනය : නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
‍හදවතට ඉඩක් නැහැනේ

මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
‍දෙනුවනට ඉඩක් නැහැනේ

අප ළං කරවා
කාලය පියඹා
ආලය ගැන විමසයි
කවුරුන් වේවා
හමු වූ මොහොතේ
මට ඔබ ගැන පවසයි

මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
‍හදවතට ඉඩක් නැහැනේ

මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
‍දෙනුවනට ඉඩක් නැහැනේ


කඳුළැල් මැදුරේ
හසරැල් නැවතී
සෙනෙහස ගැන පවසයි
පීදෙන පියුමන්
දළුලන තුරු වැල්
මට ඔබ ගැන පවසයි

වසන්තය කියන්නේ ඔබටයි මටයි ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment