Lanka Lanka Song Lyrics - ලංකා ලංකා ගීතයේ පද පෙළ

Lanka Lanka Song Lyrics - ලංකා ලංකා ගීතයේ පද පෙළ
Song Title : Lanka Lanka (ලංකා ලංකා)
ගායනය : සුනිල් සාන්ත
පද : අරිසෙන් අහුබුදු
තනුව : සුනිල් සාන්ත


ලංකා ලංකා පෙම්බර ලංකා
පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී
සුරකිමු ඔබ ලංකා

බලි තරු රාවණ ගැමුනු විජයබා නිරිඳුන් ලද ලංකා
පුලතිසි දැමි, සිරි රහල්, කුමරතුඟු පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
ඔබ රැකුණොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුලි ලංකා

ලංකා ලංකා පෙම්බර ලංකා
පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී
සුරකිමු ඔබ ලංකා

ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා
අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා
ගොඩ දියෙ අහසේ හැම තැනැ ඔබගේ නම කියවමු ලංකා
අවසනැ ඔබ හට පොහොරට මේ කය මෙහිමැ හොවමු ලංකා

ලංකා ලංකා පෙම්බර ලංකා
පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී
සුරකිමු ඔබ ලංකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment