Diya Goda Sama Thana Song Lyrics - දිය ගොඩ සැම තැනැ ගීතයේ පද පෙළ

Diya Goda Sama Thana Song Lyrics - දිය ගොඩ සැම තැනැ ගීතයේ පද පෙළ
Song Title : Diya Goda Sama Thana (දිය ගොඩ සැම තැනැ)
ගායනය : සුනිල් සාන්ත
පද : සුනිල් සාන්ත
තනුව : සුනිල් සාන්ත


දිය ගොඩ සැම තැනැ කිරි ඉතිරේ
ගස් වැල් කිරි මූදේ කිමිදේ
මඳ මුදු සුළඟින් අප නැළැවෙන්නේ
බැබැළෙන හඳ පානේ

හඳ පානේ
හඳ පානේ
හඳ පානේ
රෑ යාමේ

මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
දෝත නඟා මහ ඉහළ බලා
අම්බිලියෝ කියම්න් නැළැවෙන්නී
බැබැළෙන හඳ පානේ

හඳ පානේ
හඳ පානේ
හඳ පානේ
රෑ යාමේ

දිය මතුපිටැ කිරි රැල්ල නැඟේ
ඹරුවක් තනිවී ඈත පෙනේ
හෝ ගා මූදේ රැල්ල බිඳෙන්නේ
බැබැළෙන හඳ පානේ

හඳ පානේ
හඳ පානේ
හඳ පානේ
රෑ යාමේ

වවුලන්ගේ බකමූණන්ගේ
නාදේ ඉඳහිටැ මටද ඇසේ
අඳුර සොයාලා මුලු ගැන්නෙන්නා
බැබැළෙන හඳ පානේ

හඳ පානේ
හඳ පානේ
හඳ පානේ
රෑ යාමේ

(අප බොහෝ අසා ඇති අයුරින්, කිරි  වෙනුවට ගොම සොයමින් යන්නා යන කොටස මේ ගීයේ ගැයෙන්නේ අඳුර සොයාලා මුලු ගැන්නෙන්නා ලෙසිනි.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment