Ginigath Sirurata Song Lyrics - ගිනිගත් සිරුරට ගීතයේ පද පෙළ

Ginigath Sirurata Song Lyrics - ගිනිගත් සිරුරට ගීතයේ පද පෙළ
Song Title : Ginigath Sirurata (ගිනිගත් සිරුරට)
Lyrics : W.D. දුලාංජලි පියුමිකා කුලරත්න (DPK)


ගිනිගත් සිරුරට සිසිලක් පතලා
ආවේ මං වෙසඟනක් සොයලා
නොසිතු මොහොතක හමු වුනිත් මට
සිහිවුනා නුඹ කවුද කියලා....

වෛශ්නාවියේ....

සොදුරු මල් පෙති අතින් මිරිකා
නා දළු වන් තොල් තදින් සපලා
මුරුගසන් වර්ෂාව මැද්දේ
කුමරි බඹසර උදුර ගත්තා...

වෛශ්වි⁣නායේ....

රාග ගින්නෙන් දැවී සිටි මට
නොපෙනුනා නුඹේ අහිංසක නෙතූ
තලා පොඩිකර දැමූවට ඔබ
සමා ඉල්ලමි නමා මා හිස...

වෛශ්නාවියේ....

මගේ වරදින් වෙසඟනක් වී
සිටි නුඹ අද දුක් කඳ විදිමින්
මාගෙන් ඇරඹී රාග ගින්නට
වැටි පිච්චෙයි සෑම දිනකම...

වෛශ්නාවියේ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment