Datha Depa Lana Gigiri Sarin Song Lyrics - දෑත දෙපා ලන ගිගිරි සරින් ගීතයේ පද පෙළ

Datha Depa Lana Gigiri Sarin Song Lyrics - දෑත දෙපා ලන ගිගිරි සරින් ගීතයේ පද පෙළ
Song Title : Datha Depa Lana Gigiri Sarin (දෑත දෙපා ලන ගිගිරි සරින්)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
තනුව : කිංස්ලි රාජසිංහ
ගී පද : කුමාරදාස සපුතන්ත්‍රී


දෑත දෙපා ලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන් //

පෙරමග පියවර මැකෙන ලෙසින්
ඈතට යනු මැන අසුරු සැනින්
මා හඬවන්නට සිහින තුලින්
අයදිමි යළි මෙහි නොඑන ලෙසින්

දෑත දෙපා ලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්

නිදි යහනට වන් අකුණු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මළගම දා මම වැලපෙන්
විදුලිය සේ යළි සිනහ නොවෙන්

දෑත දෙපා ලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment