Thatu Denawado Song Lyrics - තටු දෙනවා‍දෝ ගීතයේ පද පෙළ

Thatu Denawado Song Lyrics - තටු දෙනවා‍දෝ ගීතයේ පද පෙළ
Song Title : Thatu Denawado (තටු දෙනවා‍දෝ)
ගායනය : ජය ශ්‍රී
සංගීතය : ජය ශ්‍රී


තටු දෙනවා‍දෝ කිඳුරියේ ඔබ මට
ඉඟිලෙන්නම් සිහි‍නයේ ඉම සොයා

ඈතට පාවී ඈතට පාවී
යන්න මගේ කල්පනා
බොඳ වේවී ඔබෙ රුව බොඳ වේවී
සිතුවම් ඔබේ සිනා
දේදුණු පාට පාට ලෝකේ
තනි වෙමුදෝ තනි වෙමුදෝ
පාවෙන මංමත් සිහිනේ
හැර යමුදෝ හැර යමුදෝ

පාළු විජිතයේ අපි අද තනිවෙලා
ජීවිත කතරේ අතරමං වෙලා

ඔබේ දෙපා මුළ ඒ දෙපා මුළ
නැවතුනු මගේ ජීවේ
මෙලොවක් නැතිකර
තෙලොවක් යා කල
මගේ සොඳුරියේ
හමුවූ ‍මුල්ම දිනේ
ලොවම නැවතුනා නැවතුනා
රැඳුණා හදේ රැඳුණා
සිත සැළුණා සැළුණා

පාළු විජිතයේ අපි අද තනිවෙලා
ජීවිත කතරේ අතරමං වෙලා

හැරදා යන්න මට තනි වන්න
මගේ කිඳුරියේ
අවසර දෙන්න මට අවදි වෙන්න
නොනිමෙනා සිහිනයෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment