Sulangata Kalin Song Lyrics - සුළගට කලින් ගීතයේ පද පෙළ

Sulangata Kalin Song Lyrics - සුළගට කලින් ගීතයේ පද පෙළ
Song Title : Sulangata Kalin (සුළගට කලින්)
ගායනය : ජය ශ්‍රී
සංගීතය : ජය ශ්‍රී
ගී පද : තුෂානි බුළුමුල්ලේ


සුළගට කලින් පා‍වී ලස්සන මලේ
වස්සානේ නුඹ හින්දා හැඬුවා
අවපස දුරින් පායා යළි ජීවිතේ
නොදැනුණු සුවඳක් මා සෙව්වා

සිතුවිලි මනරම් අහස අරන්
ඔබ මා හමුවේ සැනහේ සරදම්
මල් කෙමි අතරේ සඟවා රහසේ
මගේ සිත ගැයුවේ නොලියූ ගීයක්

සමනළ සිහිනෙන් එන්නෙද සියොතුන්
අරුණේ ඉඟිලී යන්නට ආයෙත්
අප පියවී ලොවේ නැතිවද පහසේ
නටුවේ බර වී රතු රෝස මලක්

සුළගට කලින් පා‍වී ලස්සන මලේ
වස්සානේ නුඹ හින්දා හැඬුවා
අවපස දුරින් පායා යළි ජීවිතේ
නොදැනුනු සුවඳක් මා සෙව්වා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment