Seethala Pini Bindu Bindu Song Lyrics - සීතල පිණි බිංදු බිංදු ගීතයේ පද පෙළ

Seethala Pini Bindu Bindu Song Lyrics - සීතල පිණි බිංදු බිංදු ගීතයේ පද පෙළ
Song Title : Seethala Pini Bindu Bindu (සීතල පිණි බිංදු බිංදු)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගී පද : කුමාරදාස සපුතන්ත්‍රී


සීතල පිණි බිංදු බිංදු
රෑ තරු මත රැන්දු රැන්දු
ඇගේ නුවන් තෙමී කැළුම් පාවේ
ආදර සුව සිහින කැන්දු
මීවිත මුව රැන්දු රැන්දු
මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ

පීදෙන සඳ රේණු පාවී
මේ මාවත සුවඳ දේවි
සොඳුර ඔබේ මගේ සිතැඟි යාවේ
මේ රෑ නැඟි රෑහි ගීත
තනි වී සවනේ රැඳේවි
ඔබ මා වෙත රැඳී ඉන්න සිහින ලතාවේ

සීතල පිණි බිංදු බිංදු
රෑ තරු මත රැන්දු රැන්දු
ඇගේ නුවන් තෙමී කැළුම් පාවේ
ආදර සුව සිහින කැන්දු
මීවිත මුව රැන්දු රැන්දු
මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ

රෑ කල යහනේ රැඳේවි
මා හා තනියට හිඳීවි
නිබඳ මගේ සිතේ තනිය පාවේ
ඔබ මා ගැයු ප්‍රේම ගීත
ගොළු වී දෙහදේ රැඳේවි
යළි මා වෙත ළඟා වන්න හංස ලතාවේ

සීතල පිණි බිංදු බිංදු
රෑ තරු මත රැන්දු රැන්දු
ඇගේ නුවන් තෙමී කැළුම් පාවේ
ආදර සුව සිහින කැන්දු
මීවිත මුව රැන්දු රැන්දු
මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment