Malak Nidi Mal Godak Meda Song Lyrics - මලක් නිදි මල් ගොඩක් මැද ගීතයේ පද පෙළ

Malak Nidi Mal Godak Meda Song Lyrics - මලක් නිදි මල් ගොඩක් මැද ගීතයේ පද පෙළ
Song Title : Malak Nidi Mal Godak Meda (මලක් නිදි මල් ගොඩක් මැද)
Vocals : Senanga Dissanayake - Wayo
Lyrics : Jagath Perera
Melody and Music : Senanga Dissanayake @ BrickHouse 
Mixing and Mastering: Vinod Melpitiya @ BrickHouse 


බලන් ඒ කිරි සිනා සඳ
නිදන් සඳ උනුහුමේ වැද
නගන් නින්දෙත් සිනා මද
මලක් නිදි මල් ගොඩක් මැද

සුසුම් ගොළු රස මිහිරි නද
උතුර ගලනා සෙනෙහෙ කඳ
තුරුල් දම් මව් සෙනෙහෙ ලද
මලක් නිදි මල් ගොඩක් මැද

අපූරුව හැඩ මවන ලෙද
තවත් සැපතක් ලොවේ වෙද
මුවින් කොපුලින් තොලින් තෙද
මලක් නිදි මල් ගොඩක් මැද

දෙතන රූරා සුවඳ බිඳ
හැරුනු ලේ කිරි රසේ විඳ
සොඳුරු මල් ගොමු තුරුලෙ හිඳ
මලක් නිදි මල් ගොඩක් මැද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment