Supun Sihine Nidan Puthune Song Lyrics - සුපුන් සිහිනේ නිදන් පුතුනේ ගීතයේ පද පෙළ

Song Title : Supun Sihine Nidan Puthune (සුපුන් සිහිනේ නිදන් පුතුනේ)
ගායනය : සංගීත් විජේසූරිය
සංගීතය : රාජ්කුමාර් තිල්ලයියම්පලම්
පද : ඇන්ටන් ප්‍රනාන්දු

සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ
සේද වන් කිරි සිනා පුතු මුවේ ඈඳෙනා
සුන් කරයි මා වේදනා

රන් විමන් දුටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේ
නන් සැපෙන් පිරවීද නිදි දුව ඒ සිහින විමනේ
මපුතු සිහිනේ අඳින දෙවි‍ඳේ මුලා නිකරන් මා පුතුන්
නොමැත සුව නිදි යහන් පුතු හට නොම මවනු මැන ඒ දසුන්
තරු වැල් ගොතා සඳ කැන් මතින් සතපන්න පුතු හැකිනම්

සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ
සේද වන් කිරි සිනා පුතු මුවේ ඈඳෙනා
සුන් කරයි මා වේදනා
සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ

දෙව් ලඳුන් පිරිවර අරන් වැඩියේද මව් සිහිනේ
මා පුතුන් දෝතින් අරන් නැලවීද ඈ ගීයෙන්
ඇගේ දෙ අතේ නිදන් පුතුනේ නොම සොයනු අවදිව මවුන්
සුව නොමත මා පහස ඇගෙ මෙන් රළු වුනේ උර තල බරින්
මා ලොව පහන් කල රන් පුතුන් ඔබ රකිමි දිවි හිමියෙන්

සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ
සේද වන් කිරි සිනා පුතු මුවේ ඈඳෙනා
සුන් කරයි මා වේදනා
සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ
පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment