Sirilaka Piri Awurudu Siri Song Lyrics - සිරිලක පිරි අවුරුදු සිරි මේ ගීතයේ පද පෙළ - ජාතික රෑපවාහිනියට ප්‍රණාමය...

Sirilaka Piri Awurudu Siri Song Lyrics - සිරිලක පිරි අවුරුදු සිරි මේ ගීතයේ පද පෙළ - ජාතික රෑපවාහිනියට ප්‍රණාමය...
Song Title : Sirilaka Piri Awurudu Siri (සිරිලක පිරි අවුරුදු සිරි මේ)
ගායනය : රෝහණ බැද්දගේ, අමල් පෙරේරා, නෙලූ අධිකාරි, තීක්ෂණ අනුරාධ, සෂිකා නිසංසලා, රොමේෂ් සුගතපාල, ශානිකා මධුමාලි, අනුපමා උදේශ්, චලනි, ප්‍රියංවදා සහ තුෂාර
පද : ඩිලාන් ගමගේ
තනුව : උදේෂ් චින්තක


හා... ආ... ආ.. ආ... ආ.. 
මේ අවුරුද්දේ .... කිරි ඉතිරෙන්ටයි
රට වැසියන්ගේ .... ආයු වැඩෙන්ටයි

ආ... ආහාආ.. ආ... ආහාආ..
ආ... ආහාආ.. ආ... ආහාආ..

රට පුරාම අවුරුදු සිරි මේං බලන් එරබදු මල්
බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා
මීන රාශියෙන් හෙමිහිට මේෂ රාශියට පැමිණෙන
හිරු දෙවිඳුගෙ මංගල්ලේ මේං බලල්ලා
සිතඟේ පැතුම් ඉටුවේ මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිතඟේ පැතුම් ඉටුවේ මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

ගමේ ගැටව් ගැටිස්සියන් ගම් මැද්දේ රංචු ගැසී
අවුරුදු ජන කෙළි අතරේ කරක් ගහන්ටා
ආච්චිගේ තාච්චියේ හැඩට නටන කොණ්ඩ කැවුම්
රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා

සිතඟේ පැතුම් ඉටුවේ මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිතඟේ පැතුම් ඉටුවේ මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

හා... ආ... ආ ආ ආ.. 
හා... ආ... ආ ආ ආ.. 
හා... ආ... අඅඅ අඅඅ ආ..
හා... ආ... අඅඅ අඅඅ ආ..

අටු කොටු සරුවෙන්ටයි

අටු කොටු සරුවෙන්ටයි
දොම්නස් දුරුවෙන්ටයි
පහුගිය දොහේ අබර දබර දුරුවෙලාම යන්ටයි

සිතඟේ පැතුම් ඉටුවේ මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

කුඹුක් ගහේ ඔන්චිල්ලේ නැඟෙනා වාරම් මැද්දේ
ආං බලන් ටිකිරි නඟා රන් ඔන්චිල්ලේ
එක නැකතේ වැඩ ඇල්ලේ මුළු ගමේම හරි සද්දේ
නැකැත් වෙලාවත් කිට්ටුයි වරෙව් ළමයිනේ

සිතඟේ පැතුම් ඉටුවේ මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතඟේ පැතුම් ඉටුවේ මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

ඕ ඕ.... ඕ.. ඕ.. ඕහෝ ඕහෝ..

සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිරිලක 
පිරි අවුරුදු සිරි මේ


ඉහත ගීයේ වීඩියෝව - මේ වීඩියෝවේ පූර්ණ අයිතිය ජාතික රූපවාහිනිය සතුයි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment