Gee Liyanna Mata Kiwe Song Lyrics - ගී ලියන්න මට කීවේ ගීතයේ පද පෙළ

Gee Liyanna Mata Kiwe Song Lyrics - ගී ලියන්න මට කීවේ ගීතයේ පද පෙළ
Song Title : Gee Liyanna Mata Kiwe (ගී ලියන්න මට කීවේ)
ගායනය : දයාරත්න රණතුංග
සංගීතය : දයාරත්න රණතුංග
ගී පද : ගාමිණි ලේල්වල


ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//

හිතැඟි කළඹ කැටයම් කල
නීල පළිඟු ගොළු කැඩපත..//
හද බිතුතල සිතුවම් කල
රූ දොඩමලු මුව රඟහල...

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//

තුරුණු බමර ආයාචන
අභියස පත්තිනි කෝවිල..//
මගේ පෙමින් කුළු ගැන්වුණ
ගී මුමුණන ගීත බුබුල..

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment